Tuesday, April 14, 2020

bachna ae haseeno

2008දි ආපු ඒ දවස්වලත් හරිම ආසාවෙන් බලපු සුන්දර ෆිල්ම් එකක්.
මුළින්ම බැලුවෙ Amila Rajakaruna සහ Iroshan Basnayaka සමග අපේ ගෙදරදි. අද ආයෙත් බැලුවා. හැම ජවනිකාවක්ම වගේ පුදුමාකාර විදියට මතකයේ රැදිලා තියෙනවා. ඒකට හේතු ගණනාවක් තිබ්බා.

1. සිංදු
මේ චිත‍්‍රපටයේ එන හැම සිංදුවක්ම වගේ එකකට එකක් දෙවනි නොවන තරම් ලස්සනයි. theme song එක බොහෝ කාලයක ඉදන් මගේ ප‍්‍රයතම හින්දි ගීතයක්. ඊට අමතරව jogi mahi ගීතය ගොඩක් සිත් ඇදගන්නාසුලුයි

2. කතාව
පුංචි කතාවක් වුණාට සරළ නැහැ. කෙනෙකුගෙ හිත රිදවීමේ තියන බරපතළකම බොහොම සියුම්වට කතාකරන චිත‍්‍රපටයක්.

3. රංගනය

රන්බීර් කපූර් Bafi සහ Sanju චිත‍්‍රපටවල රගපානතුරු මගේ එතරම් අවධානය දිනාගත්තු කෙනෙක් නෙමෙයි. මේ චිත‍්‍රපටය එන කාලෙ මම ඔහු ගැන ලොකු උනන්දුවකින් බැලුවෙ නෑ. Jogi Mahi ගීතයෙදි ඔහුගේ නර්තනය නම් මගෙ හිතේ රැදිලා තිබුණා.

නමුත් නිළියන්ගෙ තත්වය ඊට හාත්පසින්ම වෙනස්. මේ චිත‍්‍රපටය ආවෙ බිපාෂා බාසුගෙ රංගන දිවියේ හොදම කාලෙ. දීපිකා නැගී එන කාලෙ. දෙන්නම බොහොම සිත් ඇදගන්නාසුළුයි. නමුත් ඒ දෙන්නටම වඩා Mahi ගෙ චරිතය රගපාන Minisha Lamba ගොඩාක් සිත්ගන්නාසුළු විදියට රගපානවා. මට හිතෙන විදියට මේ චිත‍්‍රපටයෙදි අර දැවැන්ත නිළියන් දෙන්නටම වඩා ඇය ලස්සනයි. ඇය මෙම චිත‍්‍රපටයේ කියවෙන සිදුවීමට මුහුණදෙන කාලෙ බොහොම ළාබාල විදියට පෙන්වන නිසා වෙන්න ඇති සමහරවිට එහෙම හිතෙන්නෙ.

කියන්න ලොකු දේවල් නැහැ. කොයිතරම් සරළ වාණිජ සිනමා නිර්මාණයක් වුණත් මේ චිත‍්‍රපටය බලපු කෙනෙකුට ඒක කවදාවත් අමතක වෙන්නෙ නම් නෑ. ඒ මට විතරක්ද? එහෙම තවත් අය ඉන්නවද?

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...