2019.03.18
"අනේ සර් පුතා දවස් 14කට ගියා සර්. මෝෂන් එකක් දාලාවත් අරන් දෙන්න සර්"
මෙය නීතිඥවරුන් වශයෙන් අපහට අවම වශයෙන් සතියකට දෙවතාවක් වත් අසන්නට ලැබෙන
ප්‍රකාශයකි. මෙම ප්‍රකාශයේ තාක්ෂණිකව ගත්කල වරදක් නැතත් එසේ ප්‍රකාශ කරන
බොහෝ දෙනා එසේ පවසන්නේ "මෝෂන්" යනු ඇප ප්‍රතික්ෂේප වූ අවස්ථා වලදී භාවිත කළ
හැකි "අරුම පුදුම මන්තරයක්" යන දුර්මතයේ සිටිමින් බව පෙනී යන හෙයින් ඒ
පිළිබඳව පැහැදිලි කරගතයුතු වේ.
මෝෂන් නොහොත් මෝසමක් නොහොත්
යොමුපතක් යනු නඩුවක සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අතිරේකව සිදුකරනු ලබන
කාර්යයන් අධිකරණය හා සම්බන්ධ කරන ලියවිල්ලයි . මෝෂන් යන්නෙහි වාච්‍යාර්ථය
මීට වෙනස් වන අවස්ථා පැවතියද මෝසමක් යනුවෙන් සාමාන්‍ය ජනයා වටහා ගනු ලබන
ලියවිල්ලේ ප්‍රායෝගික අරුත එයයි. නඩුවක් ලබාදී ඇති දිනයට පෙර කැදවා ගැනීම,
නඩු වාර්තාවේ පිටපතක් ලබාගැනීම, සාමාන්‍යයෙන් නඩුවට ලබාදී ඇති දිනයකට වෙනස්
දිනයකදී නඩු වාර්තාවට යම් ලේඛනයක් ගොණුකිරීම, යම් නඩු භාණ්ඩයක් අධිකරණයට
භාරදීම, සැකකරුවකු හෝ චූදිතයෙකු ඉදිරිපත් කිරීම ආදිය මෝසමක් මගින් කළ හැකි
වේ. එසේ නොව "ඇප ප්‍රතික්ෂේප වූ නඩුවක පසුවදා මෝසමක් දැමූ පසු ඇප
ලැබෙන්නේය" යන්න දුර්මතයකි.
නමුත් එවැනි දුර්මතයක් ඇතිවීමටද හේතුවක්
ඇත. නඩුවක සැකකරුවකු ඉදිරිපත් කළ පසුව රටේ පවත්නා ඇප නීතිය යටතේ
ඉදිරිපත්වන කරුණු සළකා බලා ඇප ලබාදෙන්නේද ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේද
යන්න අධිකරණය තීරණය කරයි. එසේ ඇප ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර සැකකරු රක්ෂිත
බන්ධනාගාර ගතකර ඇති අවස්ථාවකදී, එම සැකකරු සම්බන්ධයෙන් පසුව අනාවරණය වන හෝ
එළිදරව් වන යම් වැදගත් කරුණක් වේ නම් අදාළ නඩුව මෝසමක් මගින් නැවත කැදවා
අදාළ නව කරුණ ඇතුළුව ඇප ලබාගැනීමට අදාළ අනෙකුත් කරුණු අධිකරණයේ අවධානයට
යොමුකර ඇප ලබාගැනීම සදහා ඉල්ලීමක් කළ හැකි වේ. එහිදී කලින් දිනයේදී
ඉදිරිපත් වූ කරුණු වලට වඩා මෝසම මගින් ඉදිරිපත් කළ කරුණු වල අදාළ සැකකරුට
ඇප නියම කළයුතු වන ආකාරයේ සුවිශේෂී තීරණාත්මක වැදගත්කමක් ඇති බව අධිකරණයට
හැගී යන්නේ නම් ඇප නියම කිරීමට අධිකරණය තීරණය කිරීමට ඉඩ ඇත.
අදාළ
නඩුව සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයාගේ වාර්තාවක් හෝ පුරාවිද්‍යා වාර්තාවක්
වැනි ලියවිල්ලක් පැමිණීම, අදාළ සැකකරු එකී අපරාධය නොකළ බවට බලවත් සැකයක්
උද්ගතවන කරුණක් විමර්ශනයේදී අනාවරණය වීම යනාදී පෙර කළ නියෝගය නැවත සළකා
බැලීමට සිදුවන ආකාරයේ වෙනස් කරුණක් එහිදී ඉදිරිපත් විය යුතුය.
මීට
අමතරව පෙර දිනයේදී ඇප ඉල්ලා සිටීමේදී නඩුව සම්බන්ධයෙන් යම් තීරණාත්මක
වැදගත්කමක් සහිත කරුණක් එවේලේ නොදැන සිටීම නිසා හෝ අතපසුවීමකින් අධිකරණයේ
අවධානයට ලක්කිරීමට නොහැකි වූ අවස්ථා වලදී එම කරුණ අධිකරණයේ අවධානයට යොමුකර ඒ
මත ඇප ඉල්ලා සිටීමට හැකියාව ඇත.
එසේ නොමැතිව ඊයේ ඇප ප්‍රතික්ෂේප
කර රක්ෂිත බන්ධනාගාරගත කර ඇති සැකකරුවකු සම්බන්ධයෙන් අද මෝසමක් ගොණුකර පෙර
දිනයේ ඇප ඉල්ලීමේදී කියූ කරුණුම නැවත කියූ පලියට ඇප ලැබෙන්නේ නැත. එය
බොහෝවිට පෙර කරුණු මතම නැවත නියෝගය සළකා බලන ලෙස කරන ඉල්ලීමක් වන බැවින්
අධිකරණය විෂයෙහි සම් අපහාසාත්මක බලපෑමක්ද ගැබ්වන විනිසුරුවරයා අප්‍රසාදයට
පත්වන ක්‍රියාවක් බවටද පත්විය හැක.
එසේ හෙයින් ඇප ප්‍රතික්ෂේප වූ
වහාම පසුදින මෝසමක් දැමීම ඇප ලබාගැනීමට හැකි නොවරදින මැජික් එකක් නොවේ. පෙර
කියූ කරුණු වලට අමතර යමක් කීමට නොමැති නම් එය බොහෝවිට තමන්ගේද අධිකරණයේද
කාලය නාස්ති කරන නිකරුණේ මුදල්ද නාස්ති වන පියවරක් වියහැක.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment