හිටපු
ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං කියු පමණින් අපගේ සිතට නැගෙන්නේ
දුටු පමණින් ප්‍රසන්න කඩවසම් උගත් ගෞරවාන්විත මිනිසෙකි. ඔහු 2004 සිට
2014 දක්වා ඉන්දියාවේ අගමැතිවරයා වශයෙන් කටයුතු කරන ලදී. ඔහු රූපවාහිනියේ
පුවත්පත්වල දුටු පමණින් හදුනා ගත්තද ඔහුගේ පෞද්ගලික චරිතය දක්ෂතා සහ ඔහු
දැරූ අගමැති ධුරයේ දේශපාලන පැතිකඩ විග්රහ කරගැනීමේ තැනකට ශ්‍රී ලාංකික අප ගමන් නොකළ තරම්ය.
හිටි හැටියේ ඇස ගැසී නැරඹූ මෙම අපූරු සිනමා නිර්මාණය නොවන්නට ඔහුගේ අගමැති දිවියේ ඇතුලාන්තය විමසා බැලීමට වටින අපූරු නාට්‍යාකාර වෘතාන්තයක් වැනි බව මගේ වුවද අවධානයෙන් ගිලිහෙන්නට ඉඩ තිබුණි.
ආචාර්ය මන්මෝහන් සිංගේ මාධ්‍ය උපදේශකවරයා වශයෙන් කලක් කටයුතු කළ Sanjaya Baru විසින් රචනා කළ "The Accidental Prime Minister - The making and unmaking of Manmohan Singh" කෘතිය ආශ්රයෙන් මෙම අපූරු සිනමා කෘතිය නිමවී ඇත.
රංගනය ගැන විශාල වශයෙන් කීමට දෙයක් නැතත් මන්මෝහන් සිං ලෙස රගන Anupam Kher සහ Sanajaya Baru ලෙස රගන Akshey Khanna එම චරිත වලට උපරිම සාධාරණයක් ඉටුකර ඇත. චිත්‍රපටයේ නිර්මාණාත්මක භාවයට වඩා මගේ අවධානය දිනාගත්තේ එයින් හෙළිදරව් කැරෙන කතා පුවතයි. එය කෙතරම සිත ඇද බැදගත්තාදැයි කිවහොත් චිත්‍රපටය නරඹා අවසන් වූ මොහොතේ පටන්ම Sanjaya Baru විසින් රචිත ඉහත කී ග්‍රන්ථය කෙසේ හෝ සොයාගෙන කියැවීමේ නොමැඩිය හැකි පිපාසාවකින් පෙළෙන්නට වීමි.
වර්ෂ 2004 ඉන්දීය කොංග්රස් පක්ෂයේ නායකත්වයෙන් යුත් ඉන්දීය ප්රගතිශීලී සන්ධානය මහ මැතිවරණයෙන් ජයගැනීමෙන් පසු සියලු දෙනා ඇසූ ප්රශ්නය වූයේ "අගමැති වන්නේ කවුද?" යන්නයි. බොහෝ කොංග්රස් පාක්ෂිකයන්ගේ ඒකායන බලාපොරොත්තුව වූයේ කොංග්රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි අගමැති ධුරයට පත්විය යුතු බවයි. එසේ වුවත් මෙම චිත්‍රපටයට අනුව ඇයට ඒ සදහා ප්‍රධාන බාධාවන් දෙකක් තිබුණි. එකක් ඇය උත්පත්තියෙන් ඉන්දීය ජාතික කාන්තාවක් නොවීමයි. දෙවැන්න ඇගේ පුත් රාහුල් ගාන්ධි ඇය අගමැති ධුරයට පත්වනවාට දැක්වූ විරුද්ධත්වයයි.
මේ හේතුවෙන් උභතෝකොටිකයකට මැදිවන සෝනියා ගාන්ධි දෙස කොංග්රස් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් නෙත් දල්වා බලා සිටින්නේ ඇය තමන්ව අගමැති ධුරය සදහා නිර්දේශ කරාවි යන බලාපොරොත්තුවෙනි. කෙසේ වෙතත් ඉතා පුළුල් ලෙස දුරදිග කල්පනා කරන ඇය කොංග්රස් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙකුගේ නොසතුටට හේතුවන පරිදි අගමැති ධුරයට ආචාර්ය මන්මෝහන් සිං නිර්දේශ කරනු ලබයි.
ආර්ථික විද්‍යාව පිළිබදව පෘථුල දැමකින් යුත් ප්‍රාඥ්ඥයෙකු වූද, ඉන්දීය රජයේ හිටපු මූල්‍ය උපදේශකවරයෙකුද, ඉන්දීය තැන්පතු බැංකුවේ හිටපු අධිපතිවරයෙකු වූද, මධ්‍ය සැළසුම් කොමිසමේ හිටපු උපසභාපතිවරයෙකු වූද, හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූද, 1998 සිට 2004 දක්වා ඉන්දීය රාජ්‍ය සභාවේ විපක්ෂ නායකවරයා වූද ආචාර්ය මන්මෝහන් සිං බොහෝ දෙනා සළකනු ලැබුවේ නොගිණිය යුතු වැඩක් පැවරූ විට ගරු බුහුමන් අපේක්ෂා නොකර එය ඉටුකරන සමාජ සම්බන්ධතා අර්ථයෙන් ගත්කල ඉතා පසුගාමී චරිතයක් වශයෙනි.
එම මතයට සාධාරණ පදනමක්ද විය. එනම් ආචාර්ය මන්මෝහන් සිං ඉතාම ලැජ්ජාශීලී නිහඩ පුද්ගලයෙකු වීමයි. ඉහත කී කෘතියේ රචක ආචාර්ය මන්මෝහන් සිංව ඔහුගේ පළමු මහජන ඇමතීමට සූදානම් කරවන ආකාරය ඉතා මැනවින් චිත්‍රපටයේ නිරූපණය වන්නේ හිටපු අගමැතිවරයාගේ පසුගාමී පෞරුෂය පිළිබදව මනා චිත්‍රයක් නරඹන්නාට ලබාදෙමිනි. එසේ වුවද එම පසුගාමී බව තුල සැගවුණු ඉවසිලිවන්ත සාවධාන විචක්ෂණ බවක්ද එම චරිතය වුවමනාවෙන් නිරීක්ෂණය කරන්නෙකුට පෙනී යනු ඇත.
ඉන්දිරා ගාන්ධි අගමැති ධුරය ප්‍රතික්ශේප කරමින් ඒ සදහා ආචාර්ය මන්මෝහන් සිං පත්කරනු ලැබුවද ඒ හරහා ඇය අපේක්ෂා කරන ලද්දේ තම පුත් රාහුල් ගාන්ධි අගමැති ධුරයට පත්කළ හැකි දිනයක් එළඹෙනතුරු සැබැවින්ම තමාගේ පාලනයට පහසුවෙන් නතුකරගත හැකි රූකඩයෙකු අගමැති පුටුවේ ඉන්දවා ඔහුව තමාට අවශ්‍ය පරිදි නටවමින් ඉන්දියාවේ නිල නොලත් පාලිකාව බවට පත්වීමයි. ඒ සදහා ඇයරටේ සියලුම තීරණාත්මක කාරණා සම්බන්ධයෙන් ජාතික උපදේශක කමිටුවක් ස්ථාපිත කොට එහි සභාපති ධූරයට තමන්ම පත්වන්නීය. එහිදී අපේක්ෂා කරන්නේ අගමැතිවරයා සෑම කටයුත්තකදීම ජාතික උපදේශක කමිටුවේ හෙවත් සත්‍ය වශයෙන්ම ගත්කල සෝනියා ගාන්ධිගේ උපදෙස් මත කටයුතු කරන පුද්ගලයෙකු බවට පත්කිරීමයි.
මෙහිදී අගමැති මන්මෝහන් සිං වටා සිටින සමස්ථ නිලධාරී තන්ත්රයම පාහේ කොංග්රස් පක්ෂ නායිකාව ඇතුලු එකී පක්ෂයේ ඉහළ මණ්ඩලයට සම්පූර්ණයෙන්ම නතු පුද්ගලයින් බවට පත්කරගැනීම හරහා අගමැතිවරයා බොහෝ දුරට හුදෙකලා කිරීමට කටයුතු කරන ලදී. එහිදී හුදෙක් අගමැතිවරයාගේ ප්‍රසාදය මත පමණක් ඔහුගේ මාධ්‍ය උපදේශකවරයා බවට පත්වන Sanjaya Baru පමණි ඔහුට අනුව කොංග්රස් පක්ෂයට නතු නොවූ අයෙකුට අගමැති කාර්ය මණ්ඩලයේ ඉතිරි වන්නේ.
අගමැති මන්මෝහන් සිං කෙරේ සෝනියා ගාන්ධිගේ ආධිපත්‍යය කෙතෙක්ද යන්න මන්මෝහන් සිං අගමැති බවට පත්වී පවත්වනු ලබන භෝජන සංග්‍රහයේ ජවනිකාවෙන් මනාව නිරූපණය කොට ඇත. එහිදී Sanjaya Baruට හමුවන එක්තරා මන්ත්‍රීවරයෙකු පවසන්නේ තමාට මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරය හිමිවන බවත් මුදල් අමාත්‍ය ධුරය අගමැතිවරයා තබාගන්නා බවත් ඔහුට අගමැතිවරයා පුද්ගලිකවම පැවසූ බවයි.
මේ බව එම සාදයේදීම Sanajaya Baru විසින් මුදල් අමාත්‍යංශය අපේක්ෂාවෙන් සිටින එක් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකුට පවසයි. එයින් කිපෙන ඔහු සෝනියා ගාන්ධිගේ සමීපතම උපදේශකවරයෙකුට එය පවසයි. එකී උපදේශකයා එකෙනෙහිම සෝනියා ගාන්ධිට එය පවසයි. එය අසන සෝනියා ගාන්ධි මුදල් අමාත්‍යංශය පෙරකී ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයාට ලබාදෙන ලෙස මන්මෝහන් සිංට බලපෑම් කරයි. ඔහු එයට එකග වේ. ඒ අනුව විනාඩි 5ක පමණ කාලයකදී ඉන්දියාවේ මුදල් ඇමති වෙනස් කිරීමට කටකතාවකට හැකියාව ලැබේ.
මෙම චිත්‍රපටයට අනුව සෝනියා ගාන්ධිගේ පූර්ණ සැළැස්ම වන්නේ අගමැති ධුරය භාරගැනීම සදහා රාහුල් ගාන්ධි සූදානම් වන දිනයක් දක්වා මන්මෝහන් සිං හරහා තමන් රට පාලනය කිරීමයි. මෙම චිත්‍රපටයට අනුව ආචාර්ය මන්මෝහන් සිංගේ ප්‍රතිරූපය ගොඩනැගීමට Sanjaya Baru දරණ උත්සාහය හේතුවෙන් සෝනියා ගාන්ධිගේ පෙරකී උත්සාහය බොහෝ දුරට ව්‍යර්ථ වේ. සෝනියා ගාන්ධි සහ පිරිවර කකුලෙන් අදින අවස්ථා වලදී මන්මෝහන් සිංට නැගී සිටීමට උපායෝපක්රම සහ අත්වැල සපයන බවට මෙම චිත්‍රපටය පෙන්වා සිටින්නේ Sanjaya Baru වේ. එය ඇතැම් විටක Sanjaya Baru විසින් කරන ස්වයං පාරට්ටු කරගැනීමක්දැයි සැක සිතෙන තරමටම බරපතළ බවට පත්වේ.
මෙම චිත්‍රපටයට අනුව සෝනියා ගාන්ධි රාහුල් ගාන්ධි ඇතුලු කොංග්රස් පක්ෂයේ ඉහළ දේශපාලන මණ්ඩලයට ආචාර්ය මන්මෝහන් සිං දෙවන වරට අගමැති ධුරයට පත්කිරීමේ කිසිදු අදහසක් තිබෙන බවක් පෙනී නොයයි. නමුත් මන්මෝහන් සිං ඉදිරියට දමාගෙන මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට සිදුවන තැනට ඔවුන් නිතැතින්ම තල්ලු වේ. මන්මෝහන් සිංගේ මැතිවරණ ව්‍යාපාරය සදහා රාහුල් ගාන්ධිගේ දියාරු ප්‍රතිචාරය මෙම චිත්‍රපටයේ එක් දර්ශනයකදී පෙන්වන දේශපාලන වේදිකාවක පසුබිමේ ඇති නොරිස්සුම් මුහුණක් සහිත රාහුල් ගාන්ධිගේ පින්තූරයකින් මනාව නිරූපණය කර ඇත.
පළමු ධුර කාලයේ කෙසේ වෙතත් සිය දෙවැනි ධුර කාලයේදී ආචාර්ය මන්මෝහන් සිං බොහෝ දුරට සෝනියා ගාන්ධි සහ රාහුල් ගාන්ධිගේ ආධිපත්‍යයට හා කොංග්රස් පක්ෂයේ න්‍යාය පත්‍ර වලට නතුවූ ස්වරූපයක් මෙම චිත්‍රපටය පෙන්වා සිටී. කෙසේ වෙතත් එයට හේතුව වශයෙන් චිත්‍රපටය හරහා අවධාරණය කෙරෙන්නේ මෙහි කථකයා වූ Sanajaya Baru අගමැති කාර්ය මණ්ඩලයෙන් ඉවත්වීමයි.
අචාර්ය මන්මෝහන් සිං කෙතරම් විචක්ෂණ බුද්ධිමතෙකු වුවද ඔහුගේ පක්ෂය විසින්ම ඔහුගේ ප්‍රතිරූපය ඉතාම සැළසුම් සහගත ලෙස කඩා බිද දමන්නේ පක්ෂයේ මීළග ඔටුන්න හිමි කුමරා වූ රාහුල් ගාන්ධි අභිශේක කිරීම සදහා වන උපක්‍රමයක් ලෙසිනි. එහිදී කොංග්රස් පක්ෂයේම මාධ්‍ය ප්‍රකාශකයන් විසින් මාධ්‍යවේදීන් නගන ප්‍රශ්න වලට ඉතාම මෝඩ සහ විසුළු සහගත ප්‍රතිචාර දැක්වීමෙන් සියලු විවේචනයන්ට ඉතාම සියුම් අන්දමින් මන්මෝහන් සිං නිරාවරණය කෙරෙන ආකාරය චිත්‍රපටයේ නිරූපණය කර තිබෙන අයුරු ප්‍රශංසනීය වේ.
මෙම තත්වය හේතුවෙන් තනිව මහත් වූ ස්ථාන විවේචනයන්ට මුහුණදෙන මන්මෝහන් සිං ඉතා කළකිරීමට පත්වේ. චිත්‍රපටයේ දැක්වෙන ආකාරයට මෙම තත්වය මැනවින් දකින Sanajaya Baru විසින් මෙම චිත්‍රපටයට පදනම් කරගන්නා ඉහත කී පොත රචනා කරන්නේ ආචාර්ය මන්මෝහන් සිංගේ අවසරයද සහිතව ඔහු ඉතා කළකිරීමෙන් සිටි ඔහුගේ ධුර කාලයේ අවසාන භාගයේදී වෙයි. නමුත් Sanjaya Baruට අනුව එකී පොතේ සදහන් සත්‍යයේ වූ කටුක බව හේතුවෙන් පොත පිටවීමෙන් පසු එය කියවන ආචාර්ය මන්මෝහන් සිං Baru සමග කතාබහ ඇතුලු සියලු සම්බන්ධතා අතහැර දමයි.
ඉන්පසු 2014 වසරේදී පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයෙන් කොංග්රස් පක්ෂයෙන් අගමැති ධූරාපේක්ෂක ලෙස ඉදිරිපත් වන රාහුල් ගාන්ධිට ඓතිහාසික පරාජයක් අත්වන්නේය. චිත්‍රපටයේ නිරූපණය කෙරෙන ආකාරයට එය සත්පුරුෂයෙකු වූ ආචාර්ය මන්මෝහන් සිංට රාහුල් ගාන්ධි සෝනියා ගාන්ධි ඇතුළු කොංග්රස් පක්ෂ ඉහළ මණ්ඩලය විසින් සිදුකරන ලද අසාධාරණයට ලැබුණුු ස්වභාවික ප්‍රතිචාරයක් වැනිය.
කෙසේ වෙතත් චිත්‍රපටයේ අග සිට මුල දක්වාම සියලු සිද්ධීන් විස්තර කෙරෙන්නේ Sanjaya Baru ගේ දෘෂ්ටි කෝණයෙනි. ඔහු ආචාර්ය මන්මෝහන් සිංගේ පළමු ධුර කාලයේදී ඔහුගේ මාධ්‍ය උපදේශක වශයෙන් කටයුතු කර යම් හේතුවක් මත ඒ තනතුරින් ඉල්ලා අස්වූවෙකි. එබැවින් මන්මෝහන් සිංගේ අගමැති භූමිකාව පිළිබදව Sanjaya Baru ගේ කියවීම සත්‍යවාදී අපක්ෂපාතී එකක්ද යන උභතෝකෝටිකයට මෙහිදී මැදිවීමට සිදුවෙයි.
එම උභතෝකෝටිකය පවතිද්දී වුවද මෙම චිත්‍රපටය හරහා නිරූපිත ඉන්දීය දේශපාලනයේ පවුල්වාදී පැතිකඩ සිත කළඹවනසුළු වේ. ලොව වැඩිම ජනගහණයක් වෙසෙන ප්රජාතන්ත්රවාදී රාජ්‍යය පාලනයේදී එක පවුලක නාටකීය භූමිකාවන්හි ප්‍රතිඵල ජාතික ප්‍රතිපත්ති වශයෙන් එළිදැකීම එකවර හාස්‍යය කෝපය මෙන්ම අනුකම්පාවද ජනිත කරවයි.
එබැවින් සිද්ධි වාර්තාකරණයේ දෘෂ්ටිකෝණයේ පළල කෙතෙක් වුවද කෙතරම් පක්ෂග්රාහී ආස්ථානයක සිට ලියැවුණද දකුණු ආසායාතික දේශපාලන සන්දර්භයේ සැබෑවේ එක මුහුණුවරක් මෙම චිත්‍රපටය හරහා පිළිබිඹු වන බව පිළි නොගෙන බැරිය.

No comments:
Post a Comment