වෙනත් මතවාද වල නැගීම කෙසේ වෙතත් ශ්‍රී ලාංකීය සමාජයේ පරිභෝජනවාදී කතිකාවන් තිබුණේ නැත. සියලු දෙනා කා බී නිකම් සිටියා මිස එහි ඇති විසිතුරු බව බෙදාගන්නට ගියේ නැත. ඒ අනුව විවිධ මතවාද හේතුවෙන් "අසවල් ආහාරය තහනම් කළ යුතුය, අසවල් බීම තහනම් කළ යුතුය" වැනි තමාගේ ප්‍රමිතීන්ට අනුව අනෙකා ආණ්ඩුමට්ටු කිරීමේ රෝගයෙන් පෙලෙන්නන්ගේ මත පමණක් ඇසෙමින් තිබුණි.
තත්වය එසේ තිබියදී එක කාන්තාවක් තමා පිළියෙල කළ ඌරුමස් වෑංජනයක ඡායාරූපයක්
බුකිගත කරන්නීය. ඒ පිළිබදව ගැඹුරු කතිකාවක්ද බුකියේ ඇතිවෙන්නේය. ප්‍රතිඵලය
ලංකා ඌරු මස් සංසදය - Ceylon Pork Lover's Society බිහිවීමය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පරිභෝජනවාදී ෆේස්බුක් ගෲප් එකක් කළඑළි බසින්නේය. එහි අරමුණ මුලින් ජාතිවාදී එකක් වන්නට ඇත. නමුත් ඉතා කෙටි කාලයකින් ජාතිවාදීන් පවා අන්දමන්ද කරමින් ඔවුන් පසුපස අසුනට තල්ලු විය. ඉතාම රසවත් විචිත්‍ර කෑම වට්ටෝරු සහ ඌරුමස් පිළිබදව පරිභෝජනවාදී දැනුමෙන් ගෲප් එක පිරී යන්නට විය. සාමාජික සංඛ්‍යාවද සීග්‍රයෙන් වර්ධනය විය. මුලින් ජාතිවාදී ආගම්වාදී මතයක සිට රැල්ලට ඌරුමස් ෆොටෝ දැමූ පිරිස හීනෙන්වත් නොසිතූ ඉදිරිගාමී පරිභෝජනවාදී තැනකට ගෲප් එක පැමිණියේය.
ඒ හා සමගාමීව හරක් මස් බුදින්නන්ගේ සංසදයද බිහිවිය. සාමාජික සංඛ්‍යාවෙන් ඌරුමස් සංසදය තරමටම නැතත් එයද රසවත් කෑම වට්ටෝරු ආදිය ඇති පදම් හුවමාරුවන පරිභෝජනවාදීත්වයෙන් අනූන වූ පෙර කී ආණ්ඩුමට්ටුවාදීන්ට තදබල අතුල් පහරක් එල්ල කල ගෲප් එකකි.
ඉන්පසු බිහිවූ ලංකා මත්පැන් ලෝලීන්ගේ සංගමය - Ceylon Booze Lover's Association සහ සිහල බේබදු සංගමයද පෙරකී පරිභෝජනවාදී මතය ඉදිරියටම ගෙනයන ලදී. මේ දුටු සමහරුන්ගේ අධික කේන්තිය නොසතුට බුකියේ දක්නට ලැබුණත් ඔවුනට කළහැකි දෙයක් නොතිබුණේ මෙම group කිසිවකින් ෆේස්බුක්හි community standards කිසිවක් උල්ලංඝනය නොවන බැවිනි. එබැවින් එම ගෲප් වලට කුණුහරුපයෙන් බණින්නන් තමා block වීමට ලක්වනවා විනා ගෲප් වලට හානියක් කිරීමට මේ දක්වා සමත් වී නැත.
මෙම ගෲප් සුන්දර වීමට ඇත්තේ පොදු හේතුවකි. එය තුල භේද නැත. කිසිවෙකු අනෙකා හදන්නට නොයති. එබැවින් වෛරය, නින්දා අපහාස ඇත්තේම නැත.
ආරම්භය කුමක් වුවත් ඉහත කී ගෲප් සියල්ල අතීතකාමී ළිංමැඩි චින්තනයෙන් මිදී මානව නිදහස පිළිගන්නා පරිභෝජනවාදය කරා ගමන් කරනු දැකීම සතුටක්ම විය. තමන්ගේ පෞද්ගලික ආගමික සහ සංස්කෘතික අගනාකම් සහ විශ්වාස මත අනෙකා ආණ්ඩුමට්ටු කිරීමට බලා සිටියවුන්ට ඒ හරහා වැදුණු තද අතුල් පහර ඊටත් වඩා සතුට දනවනසුළු විය.
පටු භේද පසෙකලා යථාර්ථවාදී චින්තනයක් කරා සෙමෙන් හෝ සමාජයේ කොටසක් ගමන් කිරීම අගය කළයුතු වේ.
ප.ලි - සීමාව ඉක්මවා "පරිප්පු" පරිභෝජනය කළද ඉන් අනිටු ප්‍රතිඵල ඇතිවෙනු ඇත. එබැවින් පමණ දැන අවබෝධයෙන් පරිභෝජනවාදී වීමෙහි වරදක් මා දකින්නේ නැත.
එය සෝදාපාලුවක් ලෙස කෙනෙකුට පෙනිය හැකි නමුත් එය සාපේක්ෂ මතයකි. දැඩි ආගමික මතධාරීන්ට එය සෝදාපාලුවක් ලෙස පෙනුණද ලිබරල්වාදීන්ට එසේ නොපෙනේ. සියල්ලේම පමණ ඉක්මවා යාම සොදාපාලුවක් ලෙස සියල්ලන්ටම පෙනෙණු ඇත.

No comments:
Post a Comment